HOPALUARANA.TK
හෝපලු අරණෙ පවා ලස්සන අන්දර මල් පිපෙනවා

2014.07.30

ලෝකෙට පේන්න අමා...රුවෙන් හිනාවෙලා හිටියට... මගෙ හිතට කරදරය්.... හිත හය්ය කරගෙන කාලයත් එක්ක පොරබැදුවට... මගෙ හිතට දුකය්..... හතර වටින් මාව වටකරගෙන කොය්තරම් අය හිටියත්... මට පාලුය්... ඔව් දෙය්යෝ මට පාලුය්.. ගොඩාරියක් පාලුය්... හැන්දෑවට ගෙදර ඇවිත් ඔයා වැඩ ටික කරනකන් ඔයාගෙ ලගට වෙලා ඉන්න ආසය්.. එහෙන් මෙහෙන් දග වැඩ කර කරා ඔයා ලගට වෙලා ඉන්න ආසය්.. හොරේන් දුවන් ඇවිත් බන්ඩිය වටේ අත දාල රෝස පාට කම්මුල් ඉබින්න ආසය්.. කැමෙත්තටත් අකමැත්ත පෙන්නගෙන ඔයා රවද්දි හෙමින් නහය ඩින්ගිත්තක් හපන්න.. කන් පෙත්ත ටිකක් හපල හොරෙන් දුවන්න... තව,පුන්චි පුන්චි උදව් කරන්න ආසය්... ලගට වෙලා බන්ඩිය පිරෙනකන්ම කවාගන්න.. කවනගමන් හොරෙන් ඇගිල්ල ටිකක් හපන්න.. අඩරෙන් ලගට වෙලා ඔයාට කවන්න.. මට ආසය්... ඉර පහන මුදුන් වෙලා එද්දි ඔයාව ටිකක් ටිකක් නෙවෙය් හුගක් ලන් කරගෙන එලියට යන්න.. ගිහින් පිච්ච වැල ලග බන්කුවට වෙලා ඔයගෙ තුනී රැ ඇදුම මත්තෙන් ඔයාගෙ උකුල උඩ ඔලුව තියාගෙන පැය ගානක් කියවන්න.. පුන්චි පිනි කැට හොරෙන් ඇවිත් ඔයාගෙ උනුහුම හොයන්න ඇගට පනිද්දි කනෙන් අල්ලල විසි කරන්න... ආසය් රත්තරන්... නිවෙන දැල්වෙන තරු කැට අස්සෙ මීදුම එද්දි ඉක්මනටම ඔයාව තුරුල් කරගෙන ගේ ඇතුලට එන්න.. ඇවිත් ඔයා ලගට වෙලා පුන්චි උන්ට දාන අර ලස්සන සුවදක් තියෙන කොහොබ කොලොන්ග් එක කොන්ඩෙට දාල ලස්සනට කොන්ඩෙ පීරන්න.. ලස්සනම රැ ඇදුම ඇදන් ඉන්න ඔයාව වඩාගෙන ඇවිත් මන් හන්සි වෙලා ඉද්දි ඔයාගෙ මූන මගෙ නිරුවත් පපුවෙන් තියාගන්න.. දුහුල්ම දුහුල් රැ ඇදුමෙ විතරක් දුරස් උනු ඔයාගෙ පපුවෙ උනුහුම ගන්න... සීතල වෙද්දි ඔයා ගුලිවි ගුලිවි මගෙ පපුවට තුරුල් වෙන හැටි බලන් ඉන්න.. පුන්චි ඇගිලිතුඩු සීරුවට මගෙ පපුව පුරාම ඔහේ අදින රටා දිහා බලන් ඉන්න... ඒ විතරක් නෙවෙය්.. මගෙ පපුවෙ උනුහුමට ඔයාගේ නලල තොල් පෙති ලග හීනියට පිපුනු දා බින්දු ඩිමර් ස්වීචය අඩු කරපු පහනෙ ආලෝකය මැදින් දිලිසෙනව බලාන ඉන්න.. මගෙ පපුව මූන පුරා විසිරුනු ඔයාගෙ කෙස් රොදවලින් දැනෙන හීනි කිතිය විදින්න.. දිලිසෙන නලල් තලෙන් ඔයාගෙ මූනට වැටුන් තුනී කෙස් රොදවල් හෙමින් හෙමින් මගෙ එගිලිතුඩු වලින් එකතු කරන්න.. එක පාරටම හමන සිතල සීතල සුලන් රැලි ඒ කෙස් රෙලි ආයෙමත් මගෙ අතින් උදුර ගන්න හැටි බලන්න....හෙමින් හෙමින් නින්ද එනකන් ඔලුව අතගාන්න.. හොරෙන් හොරෙන් විටින් විට මගෙ දිහා ඔයා බලද්දී රැ කලුවරටත් හොරෙන් ඇහැක් ගහන්න... ඔයාගෙ පුන්චි ඇගිලි අල්ලගෙන මගෙ මුනට තඩ කරගෙන් ගොඩක් උම්ම දෙන්න හොර කෙල්ලගෙන් උම්ම එකක් ඉල්ලගන්න.. දන්නවද මන් ඔයා උම්ම ඉල්ලුවම නලලට ආදරෙන් ඉබින්න ආසය්.. හැබැය් මටනම් ඕනි ඇස් වලට.. මොකද එතකොට ඇස් දෙකට උම්ම දෙකක් දෙන්න වෙනවනෙ ඔයාට..... මගෙ පපුව උඩම හා පැටියෙක් වගේ ඩොය්ය ගත්තම පරිස්සමින් ඇහි පිල්ලමක්වත් හය්යෙන් නොගහා බලන් ඉන්න ආසය් රත්තරන්.... ඒත් ඔයාට එන්න බෑ..ඨ්. මන් දන්නව රත්තරන්... එහෙම නොවුන කියල මන් කාත් එක්කද දෙය්යො තරහා වෙන්නෙ... මගෙ සේපාලිකා මල ලස්සනය්.. ඔව් කාටත් වඩා... © Nim
This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free